Boy has killed his Girlfriend

තරුණයෙක් පෙම්වතියගේ බෙල්ල කපලා පොලිසියටත් එන්න කියන්න කියලා

අද උදේ අම්පාරේ කොන්ඩවටුවාන වෙල්යායේදී තරුණියක් ගෙළ කපලා මරලා දාලා. මේ විදියට මරලා දාලා තිබුණේ අම්පාර මයා දුන්න විදුහලේ ගුරුවරියක්.

අම්පාර සේනාගම ප්‍රදේශයේ පදිංචි මේ ගුරුවරියගේ වයස අවුරුදු 27යි.
එයාට මේ අපරාධය කරලා තිබුණේ අම්පාර බස් එකක රිය සහයකයෙක් විදියට කටයුතු කරන තරුණයෙක්. එයා අම්පාරේ නවාතැන්පලක හිටියත් පදිංචිය හුන්නස්ගිරිය පැත්තේ.

තරුණිය මරලා දැමුවට පස්සේ මේ තරුණයත් වස පානය කරලා. එයාව අම්පාර රෝහලට ඇතුල් කරලා. එයාගේ තත්වය බරපතල නෑ කියලයි පොලිසිය කියන්නේ.

අද උදේ 7.30 විතර බෝඩිමෙන් පිටත් වුණු මේ තරුණයා 9.00ට විතර තමන් වැඩකරන බස් එකේ රියදුරුට කෝල් කරලා. ඒ කෝල් එකෙන් කියලා තියෙන්නේ “මම වහ බීලා ඉන්නවා පොලිසියත් එක්ක ඉක්මණට එන්න” කියලා.

දැනට ආරංචි වෙන හැටියට මේ ගුරුවරියත් තරුණයත් අතර කාලයක ඉඳලා ප්‍රේම සම්බන්ධයක් තිබිලා. පස්සේ එයාට අම්පාරේ මයා දුන්න විදුහලේ ගුරුවරියක් විදියට පත්වීමක් ලැබිලා.

ටික කාලයකින් පරණ සම්බන්ධය නවත්වපු මේ තරුණිය අම්පාර පැත්තේම තවත් විදුහලක ගුරුවරයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන්.

අද උදේ ත්‍රිරෝද රථයකින් පැරණි පෙම්වතා මේ තරුණියව කොන්ඩවටුවාන වෙල්යායට එක්කගෙන ඇවිත් එයාව කපලා කොටලා ඝාතනය කරලා ඔහුත් වස පානය කරලා තියෙන්නේ.

 

Boy has killed his Girlfriend Boy has  killed his Girlfriend Reviewed by on 3:04:00 AM Rating: 5
Powered by Blogger.