Daughter Sleep With Father Hand Glouse

නළව ගන්න බැරිව හැඩූ පුංචි දියණිය මියගිය පියාගේ අත්වැස්මේ උණුසුමට නිදාගත් හැටි


නළව ගන්න බැරිව හඩපු කුඩා දියණියව කිසිදා උණුසුමක් නොලැබූ සිය මිය ගිය පියාගේ අත්මේස් යුවළ මත තැබීමෙන් පසුව සිදු වූ දේ මව විසින් අන්තර්ජාලයට මුදා හැරියා.



මෙම ඡායාරූපය දකින ඔබට දැනෙන්නේ කවුරුන් හෝ සංස්කරණය කරන ලද හෝ විහිළුවට ගත් එකක් කියල. නමුත් මෙය ඉතාමත් දුක හිතෙන සිදුවීමක්.

මෙම කුඩා දියණිය උපදින්න මාසෙකට කලින් අයගේ පියා හදිසි අනතුරකින් මිය යනවා.ඇය ඒ බව තේරුම් ගන්න වයසකත් නෙවේ.කිසිදා පියාගේ උණුසුම විඳින්න ඇයට වාසනාවක් ලැබුනේ නැහැ. දරුවා නළවන්න හිතාගෙන මෙම මව ඇගේ පියාගේ ප්‍රියතම යතුරු පැදි අත්වැසුම් යුවළින් ඇයව අල්ලාගෙන සිටින ලෙස ආවරණය කළා.සැවොම මවිත කරමින් ඇය නොනවත්වා සිනාසෙමින් නිදා ගන්න වුණා.දියණියගේ මව මෙම සිදුවීම ඉතා සංවේදීව බලා සිට ඡායාරූපගත කර අන්තර්ජාලයට මුදාහැරිය අතර දැනට එය මිලියන ගණනකගේ ආදරය දිනාගෙන හුවමාරුවෙමින් පවතිනවා.

සති තුනක් වයස මේ හිනාවෙන කුඩා දියණියට ඇයගේ පියාගේ උණුසුම කිසිදා විඳින්න නැතත් පියා බොහෝ සේ ආදරය කල අත්වැසුම් යුවළේ උණුසුම ඇය විඳින හැටි සැවොම සංවේගයෙන් නරඹන්න වුණා.
හෙක්ටර් ඩැනියෙල් වන කුඩා දියණියගේ පියාව වෙඩි තබා ඝාතනය කල හැටි ඔහුගේ මවට දකින්නට ලැබුණේ පසුගිය අප්‍රේල් මාසයේදී.ඒ මෙම දියණිය උපදින්න මාසයකට පෙර.ඔහුගේ මව පවසන පරිදි ඔහු යතුරු පැදි වලට ඉමහත් ප්‍රියතාවයක් දැක්වුයෙක්.එසේම ඔහු රිය පැදවිමේදීත් ඉතාම ආරක්ෂාකාරීව එය සිදු කල කෙනක්.සැමවිටම තමාගේ ආරක්ෂාව ගැන හිතුවා.ආරක්ෂිත උපකරණ පැළඳ යතුරු පැදිය ධාවනය කළා.ඔහු තමාගේ පවුලට ලැඛෙන්න සිටින දරුවට ගොඩක් ආදරෙන් සිටි අතර අවාසනාවට ඔහුට දියණියගේ මුණ දකින්න ලැබුනේ නැහැ.ඔහුගේ මරණයත් සමඟ මෙම පවුල දැඩි මුදල් අසීරුතාවයට පත් වූ අතර මෙම ඡායාරුපය පිටවීමත් සමඟ සමාජ ජාල පිටුවලින් ඔහු වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමත් සිදු වූ විශේෂත්වයක්.
මෙම සිදුවීමත් සමඟ දියණියගේ මව දැඩි මානසික කම්පනයකට ලක් වූ අතර ඇය එය මග හරවා ගැනීමට සැමියා භාවිතා කල සියළු දේ දියණිය අසලින් ඇය වටා තබන්න ගත්තා.එමගින් පියාගේ ආදරය ඇයට දැනෙන බව ඇය විශ්වාස කළා.එලෙස එක දිනක මෙම අත්වැසුම් යුවළ ඇයගේ උණුසුමට තැබූ බවයි හෙක්ටර්ගේ මව පවසන්නේ.කිසිදා නොවිදි පියාගේ උණුසුම ඇය එම අත් මේස් යුවළින් විඳිමින් සිනාසෙන බව දුටු ඔවුන් ඉතාමත් සංවේගයටත් සතුටටත් පත්වෙමින් ගත් මෙම ඡායාරූපය මිලියන හතකටත් වැඩි පිරිසකගේ අවධානයට ලක්වීමත් එයට ලැඛෙන ප්‍රතිචාරත් නිසා කුඩා දියණියගේ මවට යම් මානසික සහනයක් ලැබුණු නිසා ඇය දැන් දියණියගේ අනාගතයත් සැමියාගේ අනාගත බලාපොරොත්තුත් සමග ජීවිතය ඉදිරියට ගෙන යාමේ අරමුණින් සිටිනවා.
Daughter Sleep With Father Hand Glouse Daughter Sleep With Father Hand Glouse Reviewed by on 10:42:00 AM Rating: 5
Powered by Blogger.